AIA සමාගම oDoc සමග හවුල්ව සිය රක්ෂණ හිමියන්ට oDoc ඇප් එක හරහා සීමා රහිත සහ නොමිලේ වෛද්‍ය හමු ලබාදීමට පහසුකම් සලස්වනවා.

වාසි

440කට වැඩි විශේෂඥ සහ පවුලේ වෛද්‍යවරුන් සමග සතියේ දින 7 පැය 24 පුරාවටම ලබාගත හැකි සීමාරහිත oDoc වීඩියෝ වෛද්‍ය හමු.

වෙළඳපොල පවතින අගයන්ට වඩා 10%ක් දක්වා වන වට්ටම් අඩුකිරීම් සහිතව ඖෂධ නොමිලේම නිවසට ප්‍රවාහනය කරදීම සහ ජංගම රසායනාගාර පරීක්ෂණ සේවාව සඳහා 25%ක් දක්වා වට්ටම් හිමිවීම.

Get your medicine delivered straight to your doorstep, with just the click of a button. Alternatively, your oDoc generated E-prescription is accepted islandwide.

ඒ ඒ වෛද්‍ය හමු සඳහා වෙන වෙනම අයකිරීම් කිසිත් නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබේ ලියාපදිංචිය සිදුවේ.

We know that your immediate family is important to you, and as such, it is our pleasure to cover them at no additional cost to you.

ලියාපදිංචි වීම සඳහා ක්‍රෙඩිට් කාඩ් තොරතුරු කිසිත් අවශ්‍ය නොවේ.

Your payment details are not required when signing up with oDoc during the trial period. You will only be charged if you sign up with oDoc again, after the trial is over.

0770773333 අමතා පැය 24 පුරාවට සහාය වන පාරිභෝගික සේවාව හා සම්බන්ධ විය හැක

Want help signing up or booking a doctor? Call our customer care hotline and one of our team will guide you through the process!

ඔබේ සැමියා/බිරිඳ සහ දරුවන්වත් නොමිලේම ඇතුළත් කරනු ලැබේ.

We know that your immediate family is important to you, and as such, it is our pleasure to cover them at no additional cost to you.

440කට වැඩි විශේෂඥ සහ පවුලේ වෛද්‍යවරුන් සමග සතියේ දින 7 පැය 24 පුරාවටම ලබාගත හැකි සීමාරහිත oDoc වීඩියෝ වෛද්‍ය හමු.


වෙළඳපොල පවතින අගයන්ට වඩා 10%ක් දක්වා වන වට්ටම් අඩුකිරීම් සහිතව ඖෂධ නොමිලේම නිවසට ප්‍රවාහනය කරදීම සහ ජංගම රසායනාගාර පරීක්ෂණ සේවාව සඳහා 25%ක් දක්වා වට්ටම් හිමිවීම.


ඒ ඒ වෛද්‍ය හමු සඳහා වෙන වෙනම අයකිරීම් කිසිත් නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබේ ලියාපදිංචිය සිදුවේ.


ලියාපදිංචි වීම සඳහා ක්‍රෙඩිට් කාඩ් තොරතුරු කිසිත් අවශ්‍ය නොවේ.


0770773333 අමතා පැය 24 පුරාවට සහාය වන පාරිභෝගික සේවාව හා සම්බන්ධ විය හැක.


ඔබේ සැමියා/බිරිඳ සහ දරුවන්වත් නොමිලේම ඇතුළත් කරනු ලැබේ.


නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

නිතර ඇසෙන ප්‍රශ්න

oDoc කියන්නෙ මොකක්ද?





සරළවම කියනවනම්, oDoc තමයි වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා ඔබට අවශ්‍ය සේවය ලබාගන්න තියන පහසුම ක්‍රමය.

oDoc කියන්නේ ඔබේ දුරකථනය හරහා ඔබව වෛද්‍යවරයෙක් එක්ක සම්බන්ධ කරලා, වීඩියෝ, ඕඩියෝ හෝ කෙටි පණිවුඩ මගින් වෛද්‍ය හමුවක් පවත්වන්න පහසුකම් සලස්වන ඇප් එකක්.

මේ හරහා 400කට අධික ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි පවුලේ වෛද්‍යවරු සහ වෛද්‍ය විශේෂඥයින්ව වෛද්‍ය හමුවක් සඳහා වෙන් කරගන්නටත්, වෛද්‍ය උපදෙස් ලබාගන්නටත්, ඖෂධ වට්ටෝරුවක් ලබාගන්නටත් (වෛද්‍ය අවශ්‍යතාවයක් වේනම්), ඔබේ ඖෂධ නිවසටම ගෙන්වා ගන්නටත් හැකියි. රසායනාගාර පරීක්ෂණයන් කරන්න අවශ්‍යනම් ඔබට ජංගම රසායනාගාරයක් ඔබේ නිවසට හෝ කාර්යාලයට ගෙන්වාගැනීමටත් හැකියාව තියනව.

ඒ කියන්නේ, ඊළඟ වතාවේ ඔබ අසනීපයෙන් පසුවෙද්දි හරි වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබාගන් හිතද්දි හරි ඔබට පුළුවන් වාහන තදබයට අහුවෙලා, රෝහල් ශාලාවල සහ පෝලිම් වල ඉඳන් කාලය සහ මුදල් නාස්ති කර නොගෙන, ගෙදර හෝ කාර්යාලයේ සිටම පහසුවෙන් ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න.

ඔබ oDoc හි ලියාපදිංචි වී ඇත්නම්, වීඩියෝ, ඕඩියෝ සහ පණිවුඩ මගින් ඔබ සහ ඔබේ පවුලේ අය සිදුකරන සෑම වෛද්‍ය හමුවක්ම සහමුලින්ම නොමිලේ. වෛද්‍යවරුන් සඳහා වන සියලු ගෙවීම් oDoc විසින් සිදුකරනු ලබනවා.

රෝහලේ හෝ සායනයේ සිටින ඔබේ වෛද්‍යවරයාව eChannelling හරහා වෙන්කර ගැනීමටත් දැන් තිබෙන පහසුම ක්‍රමය වන්නේ oDoc තමයි.

වැඩි විස්තර සඳහා www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් ඕනෑම වේලාවක ඔබට සහාය වන්නේ ඉතාම සතුටිනි.

කොහොමද මම oDoc බාගත කරගෙන භාවිතා කරන්නෙ?





ඔබට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම්, ප්ලේ ස්ටෝර් වෙත ගොස් oDoc ඇප් එක බාගත කරගන්න.

iPhone එකක් නම්, ඇප් ස්ටෝර් එක වෙත ගිහින් ඇප් එක බාගත කරගන්න.

ඇප් එක බාගත කරගත් පසු ලියාපදිංචි වීමේ සරළ පියවර ටික අනුගමනය කරන්න.

ලියාපදිංචි වූ පසු ඔබට මේ විදිහේ තිරයක් දකින්නට ලැබේවි.

ඉන්පස්සේ ඔබට පුළුවන් සෙවුම් තීරුව භාවිතා කරලා හෝ වෙබ් පිටුව පරීක්ෂා කරලා ඔබට අවශ්‍ය වෛද්‍යවරයාව සොයාගන්නට.

ප්‍රොෆයිලය ටැප් කිරීම මගින් වෛද්‍යවරයාගේ තොරතුරු බලාගන්න.

වෛද්‍ය හමුවක් වෙන්කරගෙන, අවශ්‍ය සටහන් වෛද්‍යවරයා සමග අපේ චැට් තිරය භාවිතා කර හුවමාරු කරගන්න.

වැඩි විස්තර සඳහා www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් ඕනෑම වේලාවක ඔබට සහාය වන්නේ ඉතාම සතුටිනි.

දුරස්ථ වෛද්‍ය හමු සාර්ථකයිද?





තමන්ගේ පවුලේ සමීපතමයන්ට සහ මිතුරන්ට දුරකථනය හරහා ප්‍රතිකාර නියම කරනවාද කියලා ඔබ ඔබේ වෛද්‍ය මිතුරෙක්ගෙන් ඇහුවොත්, ඔහුගෙන් “ඔව්” කියල පිළිතුරක් තමයි බොහෝවිට ලැබෙන්න ඉඩ තියෙන්නෙ.

ඉතාම උසස් තත්ත්වයේ සේවාවක් වෙත ඉතාම පහසුවෙන් පිවිසෙන්නට අපි හැමෝටම පහසුකම් සලස්වන ක්‍රමයක් තමයි oDoc කියන්නෙ.

දුරකථන වෛද්‍ය හමු කියන්නේ ඔබ මෙතෙක් අත්දැක ඇති සාමාන්‍ය වෛද්‍ය හමුවලට සෑම අතින්ම සමාන දෙයක්.

ඔබේ වෛද්‍යවරයා විසින් ඔබගේ වයස, ආසාත්මිකතා සහ ඔබේ රෝග ඉතිහාසය ගැන විමසනු ඇති.

ඔබට තිබෙන රෝග ලක්ෂණ, ඒවා පැවතුණ කාලය සහ ඒ රෝග ලක්ෂණ වල වර්තමාන තත්ත්වය ගැන ඉන්පසුව ඔබට වෛද්‍යවරයා සමග සාකච්ඡා කළ හැකියි.

ඔබට ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු මේ වෛද්‍ය හමුව තුළින් නොලැබුනායැයි වෛද්‍යවරයාට හැඟුනොත්, ඔහු විසින් ඔබට රෝහලකට හෝ සායනයකට ගොස් වෛද්‍යවරයෙක් මුණගැසී ශාරීරික පරීක්ෂාවකට ලක්වීමට උපදෙස් දෙනු ඇති.

වෛද්‍යවරුන්ට සෑම අවස්ථාවකම කෙසේ හෝ රෝග විනිශ්චයක් ලබා දෙන්නටයැයි oDoc මගින් කිසිදු දිරිගැන්වීමක් හෝ බලපෑමක් කරන්නේ නැහැ. රෝග විනිශ්චයක් ලබා දුන්නත්, නොදුන්නත් සාමාන්‍ය වෛද්‍ය හමුවකදී වෛද්‍යවරයෙක් අයකරන ගාස්තුව oDoc විසින් ඔවුන්ට ගෙවනු ලබනවා.‍

සාමාන්‍ය වෛද්‍ය හමුවීම් වලින් 75%කම ප්‍රමාණයක් වීඩියෝ සහ දුරකථන ඇමතුම් හරහා සිදුකරන වෛද්‍ය හමු මගින් සාර්ථකව නිම කරගන්න පුළුවන් බවට ඇමරිකානු වෛද්‍ය සංගමය විසින් සොයාගෙන තිබෙනවා.

ටෙලිමෙඩිසින් යනු මුහුණට මුහුණ හමුවී සිදුකරන වෛද්‍ය පර්යේෂණ තරමටම සාර්ථක ක්‍රමවේදයක් බවට ලෝකයේ ප්‍රධානම ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ එකතුවක් වන කොක්‍රේන් විසින් සිදුකර ඇති 90කට අධික සායනික පරීක්ෂණ මෙටා-විශ්ලේෂණයන් මගින් සොයාගෙන තිබෙනවා.

මේ ආකෘතියේ සෞඛ්‍ය සේවා සැපයුම් ලෝකයේ පිළිගැනුමට ලක්වී ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ රුවන්ඩාව ඇතුළු රටවල් රැසක බහුලව භාවිතා වනවා.

වැඩි විස්තර සඳහා www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් ඕනෑම වේලාවක ඔබට සහාය වන්නේ ඉතාම සතුටිනි.

දුරකථන වෛද්‍ය හමු හරහා ප්‍රතිකාර ලැබෙන්නේ මොන වගේ රෝග තත්ත්වයන්ටද?





සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් සෙම් රෝග, උණ, ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ගැටලු, ළමා රෝග, චර්ම ගැටලු, ආහාර සහ පෝෂණය, වේදනා නාශන, කාන්තා සෞඛ්‍ය, ලිංගික රෝග පමණක් නොව මානසික සෞඛ්‍ය ගැටලු සඳහා පවා ප්‍රතිකාර ලබා දීමට මේ ටෙලිමෙඩිසින් ක්‍රමවේදය බහුලවම භාවිතා වෙනවා.

සෞඛ්‍ය ගැටළුවක් සම්බන්ධයෙන් වෙනත් වෛද්‍ය මතයක් ලබාගැනීමට, පසුව සිදුකරන වෛද්‍ය හමු යොදාගැනීමට, රසායනාගාර පරීක්ෂණ වාර්තා විමසන්නට මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය ගැටළු ගැන විමසා උපදෙස් ලබාගැනීමටද මේ වීඩියෝ වෛද්‍ය හමු බෙහෙවින් ප්‍රයෝජනවත්.

වැඩි විස්තර සඳහා www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් ඕනෑම වේලාවක ඔබට සහාය වන්නේ ඉතාම සතුටිනි.

මට වලංගු ඖෂධ වට්ටෝරුවක් ලබාගත හැකිද?





oDoc හරහා ඔබට ඖෂධ වට්ටෝරු නිකුත් කරන වෛද්‍යවරු සියලු දෙනාම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි වෛද්‍යවරුන්ය.

මේවා නිකුත් කෙරෙන්නේ එක් එක් වෛද්‍යවරයාට විශේෂිත වූ, මුරපද මගින් ආරක්ෂිත වූ ගිණුමක් හරහාය.

මේ සෑම ඖෂධ වට්ටෝරුවකම එය නිකුත් කරන වෛද්‍යවරයා ගැන පැහැදිලිව සඳහන් වන අතර, වෛද්‍යවරයාගේ නම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය, වෛද්‍යවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව පැහැදිළිව හඳුනාගත හැකිය.

රෝගියාගේ නම පැහැදිළිව දැක්වෙන අතර රෝගියාට නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරුව කියවීමට පහසු ආකාරයෙන් යතුරු ලියනය කොට ලබාදෙනු ඇත.

තවද, මෙසේ ලබාදෙන ඖෂධ වට්ටෝරුව මගින් නිර්දේශ කරනු ලබන ඖෂධ අදාළ රෝගියා වෙත ලබාදීමට තමන්ගේ කැමැත්ත සහ අවසරය හිමිවන බවට වෛද්‍යවරයා විසින් පැහැදිළිවම සඳහන් කරනු ලබනවා.

මේ විශේෂාංග සමගින් oDoc හරහා නිකුත් කෙරෙන ඖෂධ වට්ටෝරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 - 5වැනි වගන්තිය යටතේත්, විලවුන්, උපකරණ සහ ඖෂධ සම්බන්ධයෙන් පණවා ඇති 1980 අංක 27 වගන්තිය යටතේත්, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධ 2006 අංක 19 වගන්තිය යටතේත් වළංගු භාවයට ලක්වෙනවා.

වැඩි විස්තර සඳහා www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් ඕනෑම වේලාවක ඔබට සහාය වන්නේ ඉතාම සතුටිනි.

මේ මගින් ආවරණය වෙන්නේ කවුරුන්වද?





ඔබේ oDoc ලියාපදිංචිය මගින් ඔබ, ඔබේ සහකරු හෝ සහකාරිය සහ දරුවන් ආවරණය වෙනවා. මේ හරහා ඔබට පවුලේ සාමාජිකයන් 3 දෙනෙක් දක්වා ආවරණය කළ හැකියි.

ඒ කියන්නේ ඔබ සැමටම සීමා රහිතව සහ නොමිලේම වීඩියෝ, ඕඩියෝ සහ පණිවුඩ හරහා සිදුවන වෛද්‍ය හමු oDoc ඇප් එක හරහා සිදුකළ හැකි බවයි. වෛද්‍ය ගාස්තු, චැනලින් ගාස්තු හෝ oDoc අයකිරීම් කිසිවක් ඒ ඒ වෛද්‍ය හමුව සඳහා වෙන වෙනම ගෙවීමට අවශ්‍ය නැත.

මේ ආවරණය මගින් ඔබව තවත් ප්‍රතිලාභ රැසක හිමිකරුවෙක් බවට පත්කරවනවා. නොමිලේ නිවසටම ඖෂධ ගෙනැවිත් දීම, ප්‍රවාහන ගාස්තු රහිත ජංගම රසායනාගාර සේවා සහ ඖෂධ හා රසායනාගාර සේවා වලට ලැබෙන වට්ටම් ඔබට හිමියි. තවද, 2019 අප්‍රේල් 30 වැනිදා දක්වා oDoc හරහා සිදුකරන eChannelling වෛද්‍ය හමු වෙන්කිරීම් සඳහා 25%ක වට්ටමකුත් ඔබට හිමිවෙනවා.

නියමයන් සහ කොන්දේසි අදාළ වන බව කරුණාවෙන් සළකන්න. වැඩි විස්තර සඳහා www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් ඕනෑම වේලාවක ඔබට සහාය වන්නට සූදානම්.

මම කළ යුතු ගෙවීම් මොනවාද සහ මගේ පවුලේ අයව මෙයට ඇතුළත් කරන්නේ කොහොමද?





ඔබට කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය නැත. මක්නිසාද, ඔබේ oDoc දායක මුදල ඔබේ සේවායෝජකයා හෝ රක්ෂණ සමාගම විසින් ආවරණය කරනු ලබන බැවිනි.

නොමිලේ ලැබෙන සීමා රහිත වීඩියෝ, ඕඩියෝ සහ පණිවුඩ මගින් සිදුකරණ වෛද්‍ය හමු සඳහා වෙන වෙනම කිසිදු ගෙවීමක් නොකරම ඔබටත්, ආවරණය වී ඇති ඔබේ පවුලේ සාමාජිකයන්ටත් ඒ සේවාවන් ලබාගන්නට පුළුවන්.

පවුලේ අයව ලියාපදිංචි කිරීම සඳහා oDoc පාරිභෝගික සේවා අංකය වන 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. එවිට අපි විසින් ඔබ සැමව ලියාපදිංචි කරවනවා.

මට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?





oDoc හි ලියාපදිංචි වී ඇති සැමටම ප්‍රතිලාභ රැසක් හිමිවෙනවා. පහතින් දැක්වෙන්නේ ඒවායි:

  • oDoc හි සේවා සපයන සියලුම වෛද්‍යවරුන් සමග සීමා රහිත වීඩියෝ වෛද්‍ය හමු.
  • දිවයින පුරා පිළිගැනෙන, වෛද්‍යවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිත ඖෂධ වට්ටෝරු.
  • ඔබේ ඉල්ලුම මත (on-demand) විනාඩි 3ක් ඇතුළත පවුලේ වෛද්‍යවරයෙක්
  • oDoc හරහා සිදුකරන eChannelling වෙන්කිරීම් සඳහා 25%ක වට්ටම්.
  • ඖෂධ නොමිලේම නිවසට ප්‍රවාහණය කරනු ලබන අතර oDoc හි ඇති ඖෂධ නිවසටම ගෙන්වාගැනීමේ විකල්පය තේරීම මගින් ඔබේ බිල්පතින් 10%ක් දක්වා වට්ටම් අඩුවනු ඇත.
  • සහ අවසාන වශයෙන් 42කට වැඩි විශේෂඥයින් සහ 400කට වැඩි වෛද්‍යවරුන්

නියමයන් සහ කොන්දේසි වලට යටත් බව කරුණාවෙන් සලකන්න. ඇතැම් ප්‍රතිලාභ සීමිත කාලයකට පමණක් අදාළ බවත් කරුණාවෙන් සලකන්න. වැඩි විස්තර සඳහා ඕනෑම වේලාවක www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් හැමවිටම ඔබට සහාය වන්නට සූදානම්.

oDoc හි සේවය සපයන වෛද්‍යවරුන් කවුරුද?





oDoc ඇප් එකේ සිටින 400කට අධික සියලුම වෛද්‍යවරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති අතර මේ සියලුම වෛද්‍යවරු අවම වශයෙන් වසර 5ක පළපුරුද්ද ඇති අයයි.

විශේෂඥතා 40කට අධික ප්‍රමාණයක් ආවරණය කරන 200කට අධික විශේෂඥයින් oDoc ඇප් එක හරහා තම සේවාව සපයනවා. මේ විශේෂඥතා වලට ළමා රෝග, නාරිවේදය, චර්ම රෝග, මනෝ චිකිත්සාව සහ ලිංගික සෞඛ්‍ය ඇතුළත්. ඇප් එකේ සිටින සියලුම විශේෂඥයින් වෛද්‍ය මණ්ඩලයේ සහතිකලත් අය හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පණවා ඇති විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන නිර්ණායකයන් සඳහා සුදුසුකම් ඇති අයයි. oDoc ඇප් එකේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් වසර 10,15 හෝ 20කට වඩා පළපුරුද්ද ඇති අයයි.

oDoc හරහා වෛද්‍ය හමු පවත්වන සියලුම වෛද්‍යවරුන් දිවයිනේ ඇති ප්‍රධානම රජයේ සහ පෞද්ගලික රෝහල් වලදී ඔබට හමුවිය හැකි වෛද්‍යවරුන්මය.

වැඩි විස්තර සඳහා www.odoc.life වෙබ් අඩවියට පිවිසෙන්නට, 077 077 3333 අමතන්නට හෝ info@odoc.life වෙත ඊමේල් ලිපියක් යොමුකරන්නට ඔබට පුළුවන්. මමත් මගේ සගයනුත් ඕනෑම වේලාවක ඔබට සහාය වන්නට සූදානම්.

සේවය ලැබෙන්නේ කුමන කාල වේලාවන්හීදීද?





සතියේ දින 7ම පැය 24 පුරාවට මේ සේවාව ක්‍රියාත්මකයි. අපේ මුල් පිටුවේ ඉහළින්ම පෙන්නුම් කරන on-demand පවුලේ වෛද්‍යවරයාව දවසේ ඕනෑම වෙලාවක විනාඩි 3ක් ඇතුළතදී සම්බන්ධ කරගැනීමට ඔබට හැකියාව තියනවා.

oDoc ඇප් එකේ සිටින 400කට වැඩි පවුලේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ව on-demand වෛද්‍ය හමු සඳහා විනාඩි ගණනක් ඇතුළතදී හමුවෙන්නට හෝ සතියේ ඕනෑම දිනකදී කලින් වෙන්කරගත් නිශ්චිත වේලාවකදී හමුවෙන්නට ඔබට හැකියි. ඔබ ඔබේ වෛද්‍යවරයාව සහ ඔබට පහසු කාලවේලාවක් තෝරාගත් පසු වෛද්‍යවරයා ඔබ වෙන්කරගත් වේලාවේදී ඔබව අමතනු ඇත.

මට මේ ගැන ගැටළුවක් ඇති වුණොත්?





අපේ පාරිභෝගික සේවා අංකය 0770773333 සතියේ දින 7ම පැය 24 පුරාවටම ක්‍රියාත්මකය. ඔබට අපේ oDoc ෆේස්බුක් පිටුව හරහා සහ info@odoc.life ඊමේල් ලිපිනය හරහාද අපව සම්බන්ධ කරගත හැක.

ආවරණය කරන තත්ත්වයන්

උපදෙස් සහ දෙවැනි මතයන්



  • මගේ දරුවා මෙසේ කිරීම සාමාන්‍ය තත්ත්වයක්ද?

  • මට මේ ලෙස දැනීම සාමාන්‍ය දෙයක්ද?

  • මට ඩෙංගු වැළඳිලාද?

  • මට විශේෂඥ දෙවැනි මතයක් ලබාගන්න පුළුවන්ද?

  • මේ ඖෂධය වෙනුවට භාවිතා කළ හැකි වෙනත් ඖෂධයක් තිබෙනවාද?

  • මේ ඖෂධය මම ලබාගත යුත්තේ කෑමට පෙරද? පසුද?

  • මට මේ ඖෂධය ලබාගැනීම නවත්වන්නට පුළුවන්ද?

  • මම සිටින්නේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයකද?

  • මම විශේෂඥයෙක් හමුවිය යුතුද?

  • මා හට උපදේශන සේවා අවශ්‍යද?

  • මම මේ ආහාරය ගත්තාට කමක් නැද්ද?


සුළු හදිසි රෝගී තත්ත්ව



  • කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව

  • උණ සහ වෙනත් වෛරස් තත්ත්වයන්

  • ඔක්කාරය සහ පාචනය

  • ආසාත්මිකතා

  • නිදන්ගත රෝග

  • කුෂ්ට සහ සමේ ආසාදන

  • කුරුළෑ

  • කොන්දේ සහ සන්ධි වේදනා

  • මුත්‍රා ආසාදන

  • අක්ෂි ගැටළු

  • ශ්‍රවණ ගැටළු


චර්යාත්මක ගැටලු



  • ශෝකී බව සමග ගනුදෙනු කිරීම

  • විෂාදය

  • දෙමවුපිය උපදේශන

  • ළමා චර්යාත්මක ගැටලු

  • රැකියා ස්ථානයේ ගැටලු

  • මූල්‍ය දුෂ්කරතා

  • පෞද්ගලික සබඳතා සම්බන්ධ සහායන්

  • ආතතිය සහ වෙනස කළමනාකරණය

  • ක්ෂතිය සහ පශ්චාත් කම්පන මානසික ආතතිය

  • ඇබ්බැහිවීම් (උදා- දුම්පානය, මත්පැන් පානය, අන්තර්ජාලය)

  • ද්වි ධ්‍රැව සංකූලතා

  • ආහාර ගැනීමේ අක්‍රමිකතා


කාන්තා සහ පුරුෂ සෞඛ්‍යය



  • සරුභාවය

  • පවුල් සැලසුම්/උපත් පාලන

  • ලිංගික සෞඛ්‍ය

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

  • ඔසප් හා ආර්තවහරණ ගැටලු

  • ලිංගික ගැටලු

  • පුරස්ථිත පිළිකා අවදානම්

  • ගැබ්ගෙළ පිළිකා අවදානම්

  • පියයුරු පිළිකා අවදානම්


නිදන්ගත සහ මාරාන්තික



  • කොලෙස්ටරෝල්

  • අධික රුධිර පීඩනය

  • දියවැඩියාව

  • ස්ථුලතාවය

  • තයිරොයිඩ්

  • වයස්ගත රෝගාබාධ

  • ඖෂධ වට්ටෝරු ලබාදීම් (වෛද්‍ය අවශ්‍යතා සඳහා)

  • මාරාන්තික රෝගී තත්ත්ව සඳහා වන වේදනා නාශක ප්‍රතිකාර (උදා - පිළිකා)


අප විසින් විසඳුම් ලබා නොදෙන ගැටලු



  • පපුවේ වේදනා

  • කම්පන ආබාධ (උදා - අස්ථි බිඳීම්, කැපුම්, පිළිස්සීම්)

  • වමනය

  • ක්ලාන්තය

  • කැස්ස සමග ලේ පිටවීම

  • විෂ ශරීරගත වීම

  • විෂ සහිත සැපුමකට ලක්වීම

  • වෙනත් හදිසි රෝගී තත්ත්ව


වෛද්‍ය උපදේශන ලබාගැනීමේ හොඳම ක්‍රමය

අදම oDoc බාගත කරගන්න