ලෝකය පුරා බිලියනයකට ආසන්න පිරිසක් මානසික සෞඛ්‍ය ප්‍රශ්න හේතුවෙන් පීඩාවට පත්වී සිටිනවා. ඒ අතරින් බොහොමයක් ඉතාම පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි ඒවායි. දැන්ම oDoc ඇප් එක බාගත කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි මනෝ වෛද්‍යවරයෙක් සමග වෛද්‍ය හමුවක් යොදාගන්න. 350කට අධික SLMC ලියාපදිංචි සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සමග වීඩියෝ සහ ඕඩියෝ වෛද්‍ය හමු පවත්වන්නට oDoc ඇප් එක මගින් දැන් ඔබට පහසුකම් සැලසෙනවා. ඖෂධ නිවසටම ගෙනැවිත් දීම, ජංගම රසායනාගාර සහ රෝහලක වෛද්‍ය හමුවක් යොදාගැනීමේ සේවාවන්ද ඊට ඇතුළත්.

මනෝ චිකිත්සකයන්


මනෝ චිකිත්සකයන් යනු මානසික රෝග සම්බන්ධයෙන් රෝග විනිශ්චය, රෝග නිවාරණය, අධ්‍යයනය සහ ප්‍රතිකාර ලබාදීමට විශේෂඥ වූ වෛද්‍යවරුන්ය. ඔවුන් සතු වෛද්‍ය පුහුණුව නිසා ප්‍රතිකාර සඳහා ඖෂධ නියම කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා.


සායනික මනෝ චිකිත්සකයන්


සායනික මනෝ චිකිත්සකවරු ප්‍රධාන වශයෙන්ම මනෝ චිකිත්සාව සහ මානසික සහ හාවාත්මක පීඩාවන් සඳහා තම අවධානය යොමු කරන්නන් වෙති. ඔවුන් කෙනෙක්ගේ මානසික තත්ත්වය සහ දිය යුතු නිවැදි ප්‍රතිකාර ක්‍රම තීරණය කිරීම සඳහා මානසික රෝග සම්බන්ධ පර්යේෂණ පැවැත්වීමට සුදුසුකම් ලත් අයයි.


වෘත්තීයමය තෙරපිවරු


වෘත්තීයමය තෙරපිවරුන් නිසි අරමුණකින් යුතු ක්‍රියාකාරකම් හෝ මැදිහත්වීම් සමගින් රෝගීන් හා එක්ව කටයුතු කරන්නේ රෝගීන්ගේ ජීවිත වලට යහපත් සහ තෘප්තිමත් තත්ත්වයක්  ලබාගැනීමට උදවු වනු පිණිසය. මේ මගින් සෞඛ්‍ය ප්‍රවර්ධනය ඇතුළු තවත් වාසි රැසක් රෝගීන් හට හිමිවේ.



ලේසිය සහ පහසුව


ඔබේ නිවසේ ඔබට හුරුපුරුදු සුවපහසු පරිසරයේ සිටම ඔබේ වෛද්‍යවරයා සමග හමුව පවත්වන්න. පියවර තුනකින් වෛද්‍ය හමුව යොදාගන්න.



මධ්‍යගත වෛද්‍ය හමු ඉතිහාසය


ඔබේ වෛද්‍යවරයා විසින් ඔබ වෙත නිකුත් කරනු ලබන පණිවුඩ සහ ලියකියවිලි වෙත පිවිස, අවශ්‍ය වේලාවට ඒවා නැවත විමර්ශනය කරන්නට oDoc මගින් හැකියාව ලැබෙනවා.



ස්මාර්ට් සෙවුම


බුද්ධිමත්ව සැකසූ තොරතුරු ඒකරාශී කිරීම සහ වර්ග කිරීම නිසාවෙන් ගැලපෙන වෛද්‍යවරයෙක් තෝරාගැනීම ඔබට පහසු කර තිබෙනවා.



වෛද්‍ය හමුවෙන් පසුත් සේවාව


වෛද්‍ය හමුවට පෙර සහ පසුවත් වෛද්‍යවරයාව කෙළින්ම ඇමතීමට oDoc පහසුකම් සළස්වනවා. ඒ මගින් ඔබේ ගැටළු නිරාකරණය කරගැනීමට ඔබට හැකිවෙනවා.


* oDoc හි වීඩියෝ උපදේශන සඳහා දැනට සිටින සියලුම වෛද්යවරුන් සඳහා මෙය වලංගු වේ.

මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට තමන්ගේ වාරය එනතෙක් රෝහලක රැඳී සිටීම කෙනෙක්ට අපකීර්තිමත් හැඟීමක් ජනිත කරවන්න පුළුවන් නිසා මේ ක්‍රමය මනෝ චිකිත්සාවේදී ඉතාම ප්‍රයෝජනවත්. මෙහිදී ශාරීරික පරික්ෂාවක් අවශ්‍ය නැහැ වගේම සාකච්ඡාව මගින් රෝග විනිශ්චය සිදුකළ හැකියි.

පළමු පියවර ගැනීමට සූදානම්ද?

එසේනම් අදම oDoc බාගත කරගන්න.