oDoc

Shares

මිථ්‍යාවන් බිඳ දැමීම: 3 වන කොටස

එන්නත් ආරක්ෂාව: ඒවා ආරක්ෂිත වීමට විද්‍යාත්මක හේතු තුනක්

ලංකාවේ COVID19 එන්නත ලබා දීමට පටන්ගැනීමත් සමඟ අසාත්මිකතා හෝ මරණ පවා ඇති කරන එන්නත් පිළිබඳව මැසිවිලි නැඟේ. සරම්ප හෝ පෝලියෝ වැනි රෝග තුරන් කිරීමට ලංකාවට හැකි වූයේ විශාල එන්නත් කිරීමේ වැඩසටහන් මගින් පමණි. COVID19 එන්නත් කිරීමේ යෝජනා වැඩසටහන සඳහා මහජන සහය තිබීම ආර්ථික පුනර්ජීවනයකට අත්‍යාවශ්‍යා කරුණකි.

ඒ සඳහා, මෙම කටකතා වලට පදනමක් තිබේද යන්න හෝ ඒවා ඇත්ත වශයෙන්ම වැරදි තොරතුරුද යන්න සොයා බැලීමට සායනික අත්හදා බැලීම්වල සොයාගැනීම් අපි නිරීක්ෂණය කර බලමු.

සායනික අත්හදා බැලීම්

එන්නත් කිරීම මිනිසුන්ට ආරක්ෂිත සහ ඵලදායීද යන්න තීරණය කිරීම සඳහා දත්ත ලබා ගැනීමට විද්‍යාඥයින් සායනික අත්හදා බැලීම් සැලසුම් කරයි. මිනිසුන්ට එන්නත් ලැබීමෙන් පසු දරුණු අහිතකර සිදුවීම් (උදා: අසාත්මිකතා, මරණ ආදිය) සිදුවන්නේ දැයි ඔවුන් නිවැරදිව සොයා ගැනීමට උත්සාහ කරයි. අහිතකර බලපෑම් සිදුවුවහොත්, අත්හදා බැලීම් මදකට නවත්වන අතර ස්වාධීන විශේෂඥයින් සහ නියාමකයින්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ආරක්ෂිත දත්ත සමාලෝචනය කරනු ලැබේ. සායනික අත්හදා බැලීමේ නිවැරදිතාව අතිශයින්ම වැදගත්ය; එබැවින් ආරක්ෂක සමාලෝචන බැරෑරුම් ලෙස සලකනු ලැබේ. සමහර විට, තීරණයක් ගන්නා තෙක් මාස ගණනක් සායනික අත්හදා බැලීම් නතර කළ හැකිය. අහිතකර බලපෑම් එන්නත නිසාද නැතිනම් අහම්බෙන්ද යන්න ආරක්ෂක මණ්ඩලය තීරණය කරයි.  එන්නත නිසා නම්, සායනික අත්හදා බැලීම් නැවැත්වීමට පවා පියවර ගනු ලැබේ.

පුද්ගලයන් 30,000 කින් එක අයෙකුට සැක සහිත අහිතකර බලපෑමක් වර්ධනය වීම නිසා 2020 සැප්තැම්බර් මාසයේදී AstraZeneca සිය ස්වේච්ඡා සායනික අත්හදා බැලීම් (1) නවතා දැමීය. එන්නත අහිතකර බලපෑමකට හේතු වී ඇත්දැයි තීරණය කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයක් විසින් දත්ත සමාලෝචනය කරන අතරතුර එන්නත ලබා දීම නවත්වන ලදී. සමාලෝචනයෙන් පසුව, මණ්ඩලය සායනික අත්හදා බැලීම් ආරක්ෂිත බව සනාථ කළ අතර එය නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලබා දුන්නේය (2).

මෙම එන්නත් කෙතරම්ලදායීද? අපගේ බ්ලොග් ලිපි මාලාවේ 1 වන කොටසේ කරුණු කෙටියෙන් විමසමු

සායනික අත්හදා බැලීමේ දත්ත මගින් පෙන්නුම් කර ඇත්තේ මෙතෙක් ලබා දී ඇති සියලුම එන්නත් රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා ඉතා ඵලදායී බවයි. පහත වගුවේ මෙතෙක් සොයාගත් කරුණු පිළිබඳ සාරාංශයක් ලබා දෙයි:

වැදගත් වන්නේ සියලුම එන්නත් වල දරුණු රෝග වැළැක්වීමට 80% + කාර්යක්ෂමතාවයක් සහ මරණ හා රෝහල් ගතවීම් වලට එරෙහිව 100% ක කාර්යක්ෂමතාවයක් ඇත. ලොව පුරා මිලියන 2.3 ක මරණ වලින් පසු මෙය හොඳ පුවතකි.

1) සැබෑ ලෝක තත්වයන් අනුකරණය කිරීම සඳහා අත්හදා බැලීම්වල පුද්ගලයන් 30-40,000 බැගින් සිටී.

තුන්වන අදියර සායනික අත්හදා බැලීම් යනු එන්නත් සංවර්ධනයේ වඩාත්ම පුළුල්, වැඩි කාලයක් ගතවන සහ මිල අධිකම කොටසයි. විද්‍යාඥයයන් සැබෑ ලෝක තත්වයන් (විවිධ වයස්, ස්ත්‍රී පුරුෂ, නගර ආදිය) අනුකරණය කිරීමට බලාපොරොත්තු වේ. එන්නත වෛරසයෙන් ඵලදායී ලෙස ආරක්ෂාව ලබා දෙයිද යන්න සහ එය පුළුල් ජනගහනයේ අතුරු ආබාධ ඇති කරයිද යන්න සොයා බැලීම ඔවුන්ගේ අරමුණයි.

AstraZeneca සහ Moderna ඔවුන්ගේ තුන්වන අදියර සඳහා පුද්ගලයින් 30,000, Pfizer/BioNTech 42,000, Novavax 20,000 සහ රුසියාවේ Sputnik පුද්ගලයින් 21,000 බැගින් බඳවා ගත්හ. ඊට සාපේක්ෂව, GlaxoSmithKline MMR එන්නත තුන්වන අදියර අත්හදා බැලීම සඳහා පුද්ගලයින් 5,000ක් පමණක් ඇතුළත් වූ අතර එය දැන් ලංකා ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ (3) පුළුල් ලෙස පිළිගත් කොටසකි.

“නියැදි දෝෂය”අඩු කිරීම සඳහා නියැදිය විශාලය. නියැදි දෝෂය යනු නියැදිය ජනගහනය නිවැරදිව නියෝජනය නොකරන්නේ නම් නියැදිය සහ ජනගහනය අතර වෙනසයි. දස දහස් ගණනින් පුද්ගලයින් බඳවා ගැනීමෙන් – මෙම එක් එක් එන්නත් අත්හදා බැලීම් වල නියැදි දෝෂ අවම කර ගත හැකි අතර එමඟින් ඔවුන්ගේ දත්ත එකතු කිරීමේදී හැකි තරම් නිවැරදි විය හැකිය.

2) අත්හදා බැලීම්වලින් පෙන්නුම් කළේ බොහෝ විට තරුණ අය තුළ සියුම් අහිතකර බලපෑම් ඇති අතර එය එක් දිනක පමණ කාලයක් පැවතුනු බවයි.

සෑම එන්නත අත්හදා බැලීමක්ම “දේශීය” (එන්නත් කරන ස්ථානයේ) සහ “පද්ධතිමය” (ශරීරය වටා) අහිතකර බලපෑම් සිදු වේද යන්න සොයා බලයි. දේශීය අහිතකර බලපෑම් අතරට එන්නත් කරන ස්ථානයේ වේදනාව, රතු පැහැය, ඉදිමීම ඇතුළත් වේ. පද්ධතිමය අහිතකර බලපෑම් අතරට උණ, තෙහෙට්ටුව, හිසරදය, සීතල දැනීම, වමනය, පාචනය, මාංශ පේශි හෝ සන්ධි වේදනාව ඇතුළත් වේ. අහිතකර බලපෑම් සිදුවුවහොත්, එන්නත ලබා දින 1-2 ක් ඇතුළත ඒවා සිදු වන අතර එක් දිනක් පවතිනු ඇත.

AstraZeneca එහි සහභාගිවන්නන් වයස් කාණ්ඩ තුනකට වෙන් කළේය: 18-55, 56-69 සහ 70+. පහත වගුවේ, සායනික අත්හදා බැලීම් සහභාගිවන්නන් තුළ කුමන දේශීය හා පද්ධතිමය අහිතකර බලපෑම් සිදුවී ඇත්ද සහ ඒවා කොපමණ කාලයක් පැවතුණේද යන්න අපට දැක ගත හැකිය.

වයස අවුරුදු 18-55 කාණ්ඩයේ අය අතර බහුලව දක්නට ලැබුනේ එන්නත ලබා ගත් විගසම තෙහෙට්ටුව, හිසරදය සහ මාංශ පේශි කැක්කුමයි. සියලුම වයස් කාණ්ඩ සඳහා, දින කිහිපයකින් අහිතකර බලපෑම් අතුරුදහන් විය (4).

Pfizer/BioNTech වැඩිහිටි වයස් කාණ්ඩවලට වඩා තරුණ වයස් කාණ්ඩවල දේශීය හා පද්ධතිමය අහිතකර බලපෑම් අත්විඳින බව දුටුවේය. වැඩිහිටි සහභාගිවන්නන්ට වඩා වැඩි තී වේදනාවක් එන්නත් කරන ස්ථානයේ ඔවුන්ට බොහෝ විට දැනුනි. කණ්ඩායම් දෙකම තෙහෙට්ටුව, හිසරදය සහ ශරීර කැක්කුම ගැන පැමිණිලි කළහ.

Moderna සහභාගිවන්නන් දේශීය වේදනාවෙන් හා තාවකාලිකව වසා ගැටිති ඉදිමීම ගැන පැමිණිලි කළහ. කෙසේ වෙතත්, බොහෝ අහිතකර බලපෑම් පැවතියේ දින 1-2 දක්වා පමණි. තෙහෙට්ටුව වැඩිපුරම වාර්තා වූ පද්ධතිමය අහිතකර බලපෑම වන අතර ඉන් පසු හිසරදය, ශරීර කැක්කුම, සහ උණ එන්නත් කිරීමෙන් දින 1-2 ක් පසුව පැවතුණි.

3) එන්නත් ඉතා කලාතුරකින් දරුණු අහිතකර බලපෑම් ඇති කළ අතර මරණයෙන් 100% ක් ආරක්ෂා කිරීමට සමත් විය.

තුන්වන අදියර සැබෑ ජනගහනය අනුකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති හෙයින්, සැබෑ ජනගහනය තුළ සිදුවිය හැකි මරණ හෝ හෘදයාබාධ වැනි සිදුවීම් ද අත්හදා බැලීම් කණ්ඩායම් තුළ සිදු වේ. ආරක්ෂණ මණ්ඩලවල වගකීම වන්නේ එන්නත නිසා ඇති වූ සිදුවීම් සහ ස්වාභාවිකව සිදු වූ සිදුවීම් තීරණය කිරීම සඳහා දත්ත සමාලෝචනය කිරීමයි. මේ සඳහා, ඔවුන් වයස් කාණ්ඩ අනුව ජනගහනයේ මෙම සිදුවීම්වල අනුපාත දෙස බලන අතර එක් එක් සිද්ධියේ තොරතුරු ගැඹුරට කිමිදේ.

එන්නත් අත්හදා බැලීම් කිසිවක් (රුසියාවේ Sputnikද ඇතුළුව) එන්නත් හේතුවෙන් මරණයට පත්වීමේ බරපතල අහිතකර බලපෑමක් ඇති කර නැත. (5) (6) AstraZeneca විසින් වාර්තා කරන ලද දරුණු අහිතකර සිදුවීම් 84න් (අපේක්ෂකයින් 11,000 කින්), එන්නත හා සම්බන්ධ විය හැකි යැයි වර්ගීකරණය කර ඇත්තේ එක් අයෙකු පමණි (4). මෙම එක් සිද්ධියක් සමස්ත අධ්‍යයන ජනගහනයෙන් 0.000085%ක් වන අතර එය ඉතා සුළු ප්‍රතිශතයකි.

මේ දක්වා සම-සමාලෝචනය කරන ලද සියලුම එන්නත් වලින් පෙන්නුම් කරන්නේ මරණයට හා රෝහල්ගත වීමට එරෙහිව 100% ක කාර්යක්ෂමතාවයක් ඇති බවයි.

එන්නතෙන් ලැබෙන වාසි මොනවාද?

COVID19 හේතුවෙන් ලොව පුරා මිලියන 2.3 ක් මිය ගොස් ඇති අතර (8) ලංකාවේ මරණ 300 කට අධික ගණනක් මෙම ලිපිය ලියන විට වාර්තා වී ඇත. මෙතෙක් සමාලෝචනය කරන ලද COVID19 එන්නත් කිසිවක් හේතුවෙන් මරණයක් සිදුවී නැත. එන්නත් ලබාදීමන් පසු අහිතකර සිදුවීම් බොහෝ විට සිදුවනු ඇත. ගෝලීය වශයෙන් එන්නත් මිලියන 128 කට අධික ගණනක් දැනට ලබා දී ඇති අතර, දරුණු අහිතකර බලපෑම් පිළිබඳ වාර්තා 0.005% කටත් වඩා අඩුය.

අපට දැන් ඇති තීරණය වන්නේ, ශරීරයට සදාකාලික හානියක් සිදු වන බව දන්නා වෛරසයක් වැළඳීම (මරණය සිදු නොවේ නම්) හෝ 100% ක්ම මරණය වැළැක්වීම සඳහා සොයා ගන්නා එන්නතක් ගැනීම වේ. එපමණක් නොව, මෙතෙක් සමාලෝචනය කරන ලද එන්නත් දරුණු අහිතකර සිදුවීම් ඇති නොකරන බව සනාථ වී ඇත. එසේනම් තීරණය බොහෝ සෙයින් පැහැදිලි වේ.

AstraZeneca හෝ Pfizer එන්නත භාර ගන්නා ලෙස අපි ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Shares

Sources

  1. AstraZeneca Press Release (Sept 20) Statement on AstraZeneca Oxford SARS-CoV-2 vaccine, AZD1222, COVID-19 vaccine trials temporary pause.
  2. AstraZeneca Press Release, (Sept 20) COVID-19 vaccine AZD1222 clinical trials resumed in the UK.
  3. GlaxoSmithKline (2012) Consistency Study of GlaxoSmithKline (GSK) Biologicals’ MMR Vaccine (209762) (Priorix) Comparing Immunogenicity and Safety to Merck & Co., Inc.’s MMR Vaccine (M-M-R II), in Children 12 to 15 Months of Age. Clinical Trials.gov
  4. Ramasamy et al (2020)., Safety and immunogenicity of ChAdOx1 nCoV-19 vaccine administered in a prime-boost regimen in young and old adults (COV002): a single-blind, randomised, controlled, phase 2/3 trial. The Lancet 396: 1979-1993.
  5. Voysey et al (2020), Safety and efficacy of the ChAdOx1 nCoV-19 vaccine (AZD1222) against SARS-CoV-2: an interim analysis of four randomised controlled trials in Brazil, South Africa, and the UK. The Lancet 399: 99-111.
  6. Pfizer-BioNTech (2020).,Vaccines and Related Biological Products Advisory Committee Meeting., FDA Briefing Document.
  7. Moderna (2020).,Vaccines and Related Biological Products Advisory Committee Meeting., FDA Briefing Document.
  8. Logunov. D et al (2021)., Safety and efficacy of an rAd26 and rAd5 vector-based heterologous prime-boost COVID-19 vaccine: an interim analysis of a randomised controlled phase 3 trial in Russia. The Lancet. Online first.
  9. Bloomberg COVID19 Vaccine tracker
  10. Dr. Widmer (2021) Fact-check: No link between COVID-19 vaccines and those who die after receiving them. ABC News.
  11. Primary Care Pharmacy Network., Delivery of COVID Vaccination Services (2020)
  12. Allergic Reactions Including Anaphylaxis After Receipt of the First Dose of Pfizer-BioNTech COVID-19 Vaccine — United States, CDC, December 14–23, 2020
  13. COVID19 Vaccines and Allergic Reactions, CDC, January 2021
  14. Moderna: FACT SHEET FOR RECIPIENTS AND CAREGIVERS, FDA
  15. Information for UK recipients on COVID 19 Vaccine AstraZeneca, MHRA

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Back to oDoc Blog

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty

    නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න