පුතා දැන් ලොකු ළමයෙක්
“අපේ කොල්ලා දැන් ලොකුයි නේ, ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි. කවුරු හරි ආවම කාමරේට රිංග ගන්නවා…”
“දැන් ඉස්සර වගේ නෙමෙයි, කර ඳඬු උස් මහත් උනාම මුන්ට අම්මා තාත්තවත් මතක නැහැ. එකට එක කියනවා..”
ඉහත සඳහන්ව ඇත්තේ තම පුතණුවන් පිළිබඳව මවු-පිය අදහස් කිහිපයකි. ලංකාව තුළ ගැහැනු දරුවෙකුගේ වැඩිවියට පැමිණීම පිළිබඳ විශේෂයෙන් කතා කළත් පිරිමි දරුවන්ගේ වැඩිවියට පැමිණීම පිළිබඳව කතා කරන්නේ ඉතාමත් අල්ප වශයෙන් ය.
එයට හේතුව වන්නේ ලාංකික සමාජය තුළ පිරිමි දරුවා යනු ගැහැනු දරුවන් මෙන් එතරම් විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවශ්‍යය පුද්ගලයන් පිරිසක් නොවන බවට ඇති මතයයි. එසේනම්,
පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීම යනු කුමක්ද?
පිරිමි දරුවෙකුගේ ශරීරය සහ මනස හෝමෝන වෙනස්කම්වලට ලක් වීම වැඩිවියට පැමිණීමේ අර්ථයයි. එනම්,
- වෘෂණ කෝෂ සක්‍රීය වීම
- ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය වීම
- හැසිරීම වෙනස් වීම සහ ශරීර වර්ධනයයි
ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව එහි අර්ථය නම්, ළමා කාලයත් වැඩිහිටි අවධියටත් අතරමැදි අවස්ථාවට එළඹීමයි.
සාමාන්‍යයයෙන් පිරිමි දරුවන් වයස අවුරුදු 9 ත් 14 ත් අතර කාලයේ දී වැඩිවියට පත් වෙයි.පිරිමි දරුවන්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ක්‍රියා කිරීම ආරම්භ වීම එයට හේතුවයි.
සරලවම දරුවා පිය පදවිය ලැබීමට සූදානම් කිරීමේ ශාරීරික, මානසික සැකසීම මෙමගින් සිදු වෙයි.
පිරිමි දරුවෙකු වැඩිවියට පැමිණි බවට ඇති ශාරීරික ලක්ෂණ මොනවාද ?
- ශරීරය උසින් සහ බරින් වැඩි වීම
- මුහුණේ කුරුලෑ ඇති වීමට පටන් ගැනීම
- කිහිලි, ලිංගේන්ද්‍රය සහ පපුවේ රෝම මෙන් ම මුහුණේ රැවුල ඇති වීම
- ශුක්ර මෝචනය ආරම්භ වීම
- ලිංගික අවයව විශාල වීම
- ස්වරාලය ඉදිරියට නෙරා ඒම
- කටහඬ ගොරෝසු වීම
- උරහිස පළල් වීම සහ මස්පිඬු වර්ධනය
පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීමත් සමග ඔහුගේ සිතුවිලි සහ හැසිරීමේ වෙනස්කම් මොනවාද ?
- විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම
- යහළුවන් සමග මිත්‍රකම් වැඩි වීම
- දෙමාපියන්ගේ අදහස්වලට වඩා මිතුරන්ගේ අදහස් පිළිගැනීම
- කුතුහලය
- තනිව සිටීමට ඇති කැමැත්ත
- තනි තීරණ ගැනීම
- දෙමාපියන් නුරුස්සන බව
- අවධානම් ක්‍රියාවලට යොමු වීමට ඇති කැමැත්ත
- වගකීම් ගැනීමට ඇති සූදානම
යොවුන් පිරිමි දරුවන්ගේ “තෙත් සිහින” යනු මොනවාද ?
තෙත් සිහින යනු, ශුක්‍ර මෝච්නය වන ආකාරයේ ලිංගිකත්වය මත පදනම් සිහින දැකීමයි. මෙය දරුවාගේ වරදක් නොවේ.එය අතිශය ස්වභාවික කාරණාවකි.
මෙවන් අවස්ථාවන්වල සිය දරුවාට අමතර ඇඳ ඇතිරිලි ලබා දීම මෙන් ම ශාරීරික පිරිසිදු භාවය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙයි.
වැඩිවියට පත් වූ පිරිමි දරුවෙකුට අවශ්‍යය පෝෂණ අවශ්‍යයතා මොනවාද ?
- නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට ලබා දීම
- තත්තුමය ආහාර වැඩිපුර කෑම වේලට එකතු කර ගැනීම ( ආහාර දිරවීමට මෙන් ම මල පහ පිට වීමට උපකාර කරයි)
- මස්පිඬු වර්ධනයට අවශ්‍යය ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රමාණවත් අයුරින් ආහාරයට එකතු කර ගැනීම ( මස්, මාලු, කිරි, බිත්තර, ධාන්‍යය වර්ග)
- අස්ථි වර්ධනයට අවශ්‍යය කැල්සියම් සහ විටමින් බහුල ආහාර ලබා දීම
- ප්‍රමාණවත් අයුරින් ව්‍යායාම සහ ක්‍රීඩාවල නිරත වීම
- දිනකට අවශ්‍යය පැය 9 ත් 12 ත් අතර නින්දක් ලබා ගැනීම
- ප්‍රමාණවත් අයුරින් ජලය පානය කිරීම
- දරුවන්ට ප්‍රෝටීන් සහ විටමින් ලබා දීමේ දී නියමිත වෛද්‍යය උපදෙස් මත ලබා දිය යුතු අතර හිතුමතයට විටමින් වර්ග ලබා දීමන් අතුරු ආබාධ මතු විය හැකිය.
යෞවනත්වයට පත්ව ඇති දරුවන් සිටින දෙමාපියන්ගේ යුතුකම් මොනවාද ?
- හෝමෝන වෙනස්කම් හේතුවෙන් දරුවාගේ දහඩිය දැමීම සහ දුර්ගන්ධයන් මතු විය හැකිය
එවන් අවස්ථාවක දී,
- සුදුසු ඩියෝඩ්‍රන් වර්ගයක් ලබා දීම
- සිරුර පිරිසිදු කර ගැනීමට අවශ්‍යය පිරිසිදුකාරක ලබා දීම
- දිනපතා යට ඇඳුම් සහ ටී – ශර්ට් මාරු කරන බව සොයා බැලීම
- කපු හෝ වෙනත් ස්වභාවික කෙඳි අඩංගු යට ඇඳුම් ලබා දීම සිදු කළ හැකිය
- දරුවාගේ ශුක්‍රාණු නිපදවීමේ හැකියාව හේතුවෙන් ලිංගික ආශාවන් කෙරෙහි ඇල්මක් දක්වයි. එවන් අවස්ථාවලදී තම දරුවා සමච්චලයට ලක් කිරීමෙන් වලකින්න
- දරුවාගේ ආහාර මෙන් ම සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන්න
දරුවාට අවශ්‍යය කරන පුද්ගලිකත්වය ( Privacy ) ලබා දෙන්න
පිරිමි දරුවෙකු වැඩිවියට පැමිණීම ප්‍රමාද විය හැකි ද? ඒ ඇයි?
ඔවු. පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීම ප්‍රමාද විය හැකිය. ඒ සඳහා ප්‍රධාන හේතු තුනක් පවතියි. එනම්,
- පවුලේ ජානමය බලපෑම
- පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන ශ්‍රාවය කිරීම ප්‍රමාද වීම
- වෘෂණ කෝෂවල පවතින ගැටලුකාරී තත්වයන්
මෙවන් අවස්ථාවක් ඔබ ඔබේ දරුවා පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු අවස්ථාවක් වන අතර ඔබට එවන් වෙනසක් දැනුණ වහාම නියමිත ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු වෙත දරුවා යොමු කළ යුතු ය.
යොවුන් පිරිමි දරුවෙකු සිටින දෙමාපියන් ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද?
- සුළු වරදටත් දරුවාට බැන වැදීමෙන් වලකින්න.
- වරදක් පෙන්වා දෙන විට එම වරද පමණක් වැරදි වන අතර දරුවා වැරදි නොවන බව ඔවුන්ට දැනෙන්නට හරින්න
- දරුවා කුතුහලයෙන් අසන ප්‍රශ්නවලට ඉවසීමෙන් උත්තර දෙන්න ( පැහිච්චකම, පණ්ඩිතකම වැනි වචන භාවිත කරමින් අවමානයට ලක් නොකරන්න)
- දරුවා පිළිබඳ දෙමාපියන්ගේ පිළිගැනීම සහ ගෞරවය දරුවාට දැනෙන්නට සලස්වන්න
- අලුත් දේවල් ඉගෙනීමට උදවු කරන්න
- යහලු යෙහෙළියන් සමග කාලය ගත කිරීමට ඉඩ හරින්න
- දරුවාගේ ආත්ම ගෞරවය නිරන්තරයෙන් ආරක්ෂා කරන්න
- දරුවාට අණ කිරීම් සිදු කරන පාලකයෙකු නොවී මිත්‍රයෙකු වන්න
- දරුවාට සවන් දෙන්න
- දරුවාගේ නිර්මාණශීලීභාවයට ඉඩ දෙන්න
- සැම විටම කුඩා දෙය වුව ද අගය කරන්න
- දරුවාට ඳඬුවමක් ලබා දීමට පෙර ඔබගේ කෝපය පාලනය කර ගන්න
- දරුවාගේ අඩුපාඩුකම් පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කිරීමෙන් වලකින්න
- ඔවුන් මානසික ගැටලුවකට මුහුණ දී සිටින බව හැඟේ නම් සුදුසු මනෝ වෛද්‍යයවරයෙකු වෙත යොමු කරන්න
- දරුවාගේ විශ්වාසය දිනා ගන්න
දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා සියුම් අයුරින් සිදු කළ යුතු ය. ඔබගේ දරුවාගේ පුද්ගලිකත්වය සහ රහස්‍යය භාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම නිවසේ සිට වුව ද කළ හැකි බව ඔබ දන්නවා ද? oDoc ඇප් එක මගින් නිවසේ සිට පැය 24 පුරා වෛද්‍යයවරුන්ගේ සහය ලබා ගන්න. ඔබගේ කාලය, ශ්‍රමය ඉතිරි කර ගන්න.
ආශ්‍රිත කියවීම්
- Nutrition and pubertal development, Ashray Soliman – Vineerzo De Sanctis – Rania Elalaily, Indian Journal of Endocrinology and Metabolism
- Puberty, John Hopkins All Children Hospital, www.hopkinsallchildrenhospital.org
- Adolescent health, WHO, www.who.int
- The stages of Puberty in Boys, 23 May 2020, Barbara poncelet
- වැඩිවියට පැමිණියොත් ඔබේ පුතාට උදවු කරන්නේ කෙසේද? , ජෙනිෆර් ඕ ඩොනෙල්, drafare.com
- මල්වරය පමා වුණොත් පිරිමි ළමයින්ටත් අතුරු ආබාධ, 31 මාර්තු 2018, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු නිමාලි සෙනෙවිරත්න, සිළුමිණ
- ගුරු හඳින් යොවුන් සිතට, 2011, පවුල් සෞඛ්‍යය කාර්යංශය, සෞඛ්‍යය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, health.gov.lk