ලිංගික ජීවිතය ආරක්ෂා කරන "මාංශපේශිය"
අප සියලු දෙනාටම පවුලක් ලෙස එකට ජීවත් වීමට නිවසක් පවතිනවා සේම ශරීරයේ උදරයෙන් පහළ කොටසට සෙවන දෙන්නට නිවසක් පවතියි. එය පහත රූපයේ ආකාරය ගන්නා නිවසකි. විද්‍යාව තුළ එම නිවස “ශ්‍රෝණිය” ලෙස හඳුන්වයි.
මෙම නිවස තුළ පවුලක් ලෙස,
මුත්‍රාශය, මුත්‍රා මාර්ගය සහ එහි සුශුම්නාව, ගුද මාර්ගය, ප්‍රජනක අභ්‍යන්තර අවයව ( ගර්භාෂය, ඩිම්බකෝෂ, නාල, කාන්තාවන්ගේ යෝනි මාර්ගය, පිරිමින්ගේ නම් පුරස්ථි ග්‍රන්ථිය පවතියි.
මෙම නිවසත් නිවසේ ජීවත් වන සාමාජික පිරිසත් අපගේ ශරීරය පවත්වා ගැනීමට එක ලෙස වැදගත් වෙයි.
ඕනෑම නිවසක් ශක්තිමත් වන්නේ එහි අත්තිවාරම ( Foundation ) අනුවය. එබැවින් මෙම ශ්‍රෝණිය නම් නිවසේ ජීවත් වන නිවැසියන්ට ශක්තිය සපයන්නේ පහත රූපයේ කොළ පාටින් සලකුණු කර ඇති මාංශපේශියයි. මේවා වෛද්‍යය විද්‍යාව තුළ ශ්‍රෝණි මාංශපේශි නොහොත් පැල්වික් පේශි ( Pelvic Floor ) ලෙස හඳුන්වයි
එසේනම් මෙම මාංශපේශියේ කාර්යය කුමක්ද?
- ඔසප් චක්‍රය පහසු කිරීම
- ගර්භණී කාලයේ දී කළලය ආරක්ෂා කිරීම
- දරු ප්‍රසූතියේ දී ඇති වන ගැටළු වැලැක්වීම
- ශ්‍රෝණිය ආශ්‍රිතව ඇති වන ගැටළු අවම කරයි.
- රුධිර සංසරණය සාමාන්‍යය තත්වයට පත් කිරීමට උපකාරී වෙයි.
- ස්වභාවික තෙතමනය වැඩි කරයි
- ලිංගික සංසර්ගය පහසු කරයි
- ලිංගික අවයවවල ක්‍රියාකාරීත්වය මැනවින් සිදු කරයි.
- මුත්‍රා කිරීමේ දී ඇති වන දැවිල්ල තත්වයන් මෙන් ම මුත්‍රා පිට නොවීම පාලනය කරයි.
- මළපහ වීම පහසු කරයි
මෙම ශ්‍රෝණි මාංශපේශියෙන් ශ්‍රෝණිය ඇතුළේ ඇති අවයවවලට වෙන සේවාව කුමක්ද?
- මුත්‍රාශය ( අපගේ ශරීරයේ මුත්‍රා රඳවා ඇති මල්ල) රඳවා සිටීම
- කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය ශරීරයේ රඳවා ගැනීම
- පිරිමින්ගේ ප්‍රජනක පද්ධතියට සම්බන්ධ අවයවය ( පුරස්ථි ග්රන්ථිය) දරා සිටීම
- ශරීරයේ ඇතුළත රසායන ද්‍රව්‍යයන් මුත්‍රාශය, බඩවැල් සහ ගර්භාෂය තුළට ගෙන යාමට උපකාර කිරීම
- ගුද මාර්ගය ( සිරුරේ මළ අපද්‍රව්යය ගබඩා කරන මහ බඩවැලේ කෙළවරේ ඇති ප්රදේශය) ආරක්ෂා කිරීම
- අපට කැස්ස ඇති වන අවස්ථාවක හෝ බර වස්තු ඔසවන අවස්ථාවක අපගේ ශරීරය ඇතුළේ ඇතිවන පීඩනය අවම කිරීම පහසු කරයි.
- මළපහ කරන විට දී තැටඹීමක් සිදු කරන අවස්ථාවන්වල ශරීරයේ ඇතුළත අවයවවලට ආරක්ෂාව ලබා දීම
මේ “ශ්‍රෝණි මාංශපේශිය” වෙනස් වීමට හෝ අඩපණ වීම විය හැකිද? ඒ ඇයි?
ඔවු. එසේ විය හැකිය. එයට හේතු ලෙස,
- ශ්‍රෝණි ප්‍රදේශයට ( අවයව දරා සිටිනා නිවස – 1 රූපය ) කම්පන සහගත තුවාල සිදු වීම
- මෝටර් රථ අනතුරුවලින් තුනටියෙන් පහල තුවාල වීම
- ගැබ් ගැනීම
- නිතර මළ බද්ධය ඇතිවීම
- ශ්‍රෝණි සැත්කම්
- ශරීරයේ බර අසාමාන්‍යය ලෙස වැඩි වීම
- වැඩිහිටි වයසට පැමිණීම
ඒ කියන්නේ ගර්භණී භාවයට පත් වීම ශ්‍රෝණි පේශිය අක්‍රීය වෙන්න හේතුවක් වෙනවා ද?
ඔවු. නමුත් එය පොදු හේතුවකි. බොහෝ විට කාන්තාවන්ට ඔවුන්ගේ දරු ප්‍රසූතියෙන් අනතුරුව ශ්‍රෝණි පේශියේ ක්‍රියාවලිය අඩපණ වෙයි. එයට හේතුව වන්නේ කාන්තාවක් ගර්භණී වූ පසු ඇගේ තුනටියෙන් පහල ප්‍රදේශය සහ පටක ඉතාමත් වෙහෙසකට පත් වීමයි. එසේම ස්වභාවික දරු උපත්වල දී මෙම තත්වය මතු වෙයි.
නමුත් මෙවන් තත්වයන් 100% සියලු දෙනාටම එක ලෙස බලනොපාන අතර ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කිරීම මගින් මෙම තත්වයන්ට විද්‍යාත්මකව විසඳුම් ලබා ගත හැකිය.
ශ්‍රෝණි පේශිය ශක්තිමත් කිරීමට කෙගල් ව්‍යායාම (Kegel Excercises) සහ යෝගා ව්‍යායාම පවති යි. නමුත් ඒ සියලු ව්‍යායාම විධිමත් පුහුණුකරුවෙකු සමග සිදු කළ යුතු ය.
ශ්‍රෝණි පේශිය ශක්තිමත් කරන ආහාරපාන වර්ග මොනවාද ?
- හැකි පමණ පිරිසිදු ජලය පානය කරන්න
- අඩු ආම්ලික පළතුරු සහ එළවළු, අර්තාපල්, බෝංචි වැනි ආහාර මගින් මාංශපේශි සහ ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කරයි
- ඔමේගා ත්‍රී මේදය අඩංගු ආහාර, මාළු තෙල් මගින් මුත්‍රාශයේ ඇති වන දැවිල්ල අඩු කරයි
- කැෆේන් අඩංගු නොවන ආහාර ගන්න
- විටමින් ඩී අඩංගු ආහාර වැඩිපුර ගන්න ( විටමින් ඩී අඩු වීම මුත්‍රාශයේ ක්‍රියාවලියට බලපෑම් කරයි)
ශ්‍රෝණි පේශියට හානි කළ හැකි ආහාර රටාවන් මොනවාද ?
- ඇසිඩ් අධික පලතුරු සහ එළවළු
- අධික සැර ආහාර ( ඉඟුරු, අබ )
- කෘතිම වර්ණක සහ රසකාරක අඩංගු ආහාර
- ඇල්කොහොල් අඩංගු බීම වර්ග
- මත්ද්‍රව්‍යයන්
- වැරදි ආකාරයේ ව්‍යායාම ඉරියවු සහ වැරදි ලෙස සිදු කරන කෙගල් සහ යෝගා ව්‍යායාම
තමන්ගේ ශරීරයේ බාහිර ස්වරූපය රඳා පවතින්නේ ශරීරයේ අභ්‍යන්තර නිරෝගීබව මතයි. මෙවන් අවස්ථාවක ඔබට ඇති වන සියලුම ගැටලු වෙනුවෙන් oDoc සේවාව පැය 24 පුරා විවෘතව ඇත. ඉතින්, ලෝකයේ ඕනෑම තැනක සිට ඔබට ඇතිවන සියලුම ගැටළු නිරාකරණය කර ගැනීමට oDoc ඇප් එකෙන් ප්රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කරන්න
ආශ්‍රිත කියවීම්
- Pelvic Floor Dysfunction & Your diet Pro touch – Physical Treatment, com
- Pelvic Floor Anatomy, The Pelvic Floor – overview and Function,www.physio- pedia.com
- The Pelvic Floor, Sophie Fidoe, March 21-2021,teachmeanatomy.info
- Pelvic Floor Dysfunction,Cleveland Clinic, my.clevelandclinic.org
- දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරන ව්‍යායාම, සඳුනි රණසිංහ, සැප්තැම්බර් 8 – 2021,smartlady.lk
- ශ්‍රෝණි මහලේ මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා අභ්‍යාස – සෞඛ්‍යය හා පවුලේ සහජීවනය පිළිබඳ සහතිකයක්,com
Similar Articles...
Menopause Brain Fog is real: A Simple Guide with Symptoms and Treatment
Menopause Brain Fog is real: A Simple Guide with Symptoms and Treatment Women in their 40s and 50s who are just entering the end of
All you need to know about Gestational Diabetes
Did you know that gestational diabetes mellitus, also known as GMD, is one of the most common medical complications of pregnancy? What is GMD? Why
Endometriosis
Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing