Book unlimited appointments with a doctor by choosing
a monthly subscription plan that suits your needs.
නැත. oDoc නිර්මාණය කොට ඇත්තේ හදිසි නොවන අවස්ථා පාලනය කිරීමට වේ. ඔබට හදිසි අවස්ථාවක් ඇති වුවහොත් කිසිම විටක oDoc භාවිතා නොකළ යුතුය.
oDoc හිදි අපි උපරිම ප්‍රමුඛතාව ලබාදෙන්නේ ඔබේ දත්ත වල සුරක්ෂිත බව රැකගැනීමටයි. අපි පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු වලට උපරිම රහස්‍යභාවය හා ආරක්ෂාවක් ලබාදෙන්නෙමු.
ඔබ oDoc හි වෛද්‍යවරුන්ට ලබාදෙන තොරතුරු සම්පූර්ණයෙන්ම පුද්ගලික හා රහසිගත අයුරින් ආරක්ෂා වේ. oDoc කිසිම විටක ඔබේ පෞද්ගලික තොරතුරු කිසිදු තුන්වන පාර්ශ්වයක් වෙත ලබාදෙන්නේ හෝ විකුණන්නේ නැත.
ආරක්ෂාකාරී දත්ත හුවමාරුව, තොරතුරු කේතනය, ආරක්ෂාකාරී ජාල ආකෘති සහ පරිශීලකයන් වෙත මෘදුකාංගයේ පාලනය ලබා දීමේදී ආරක්ෂාකාරී මාර්ග ඔස්සේ එය ලබා දීම වැනි බැංකු මට්ටමේ ආරක්ෂණ ස්ථර විශාල ප්‍රමාණයක් ඇතුලත් කොට oDoc නිර්මාණය කර ඇත.
දත්ත ගබඩා වන්නේ HIPPA පැමිණිලි සර්වර් තුල වේ. (මෙය ඇමෙරිකා එක්සත් ජනපදය තුල පෞද්ගලික සෞඛ්‍යය තොරතුරු ගබඩා කිරීමේදී දැඩිව අනුගමනය කළයුතු ප්‍රමිතිය වේ.)
ඔව්. ඔබට ඕනෑම වෙලාවක ඇප් එක හරහා ඔබේ වෛද්‍ය ඉතිහාසය සහ අනෙකුත් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ඇත.
ඔව්. ඔබේ මිලදී ගැනීම තහවුරු කිරීමට පෙර ඔබට 'book for someone else' විකල්පය තෝරාගත හැකිය.
oDoc විසින් ඔබට මුද්‍රණය කළ හැකි සහ විශාල රක්ෂණ සමාගම් බහුතරයක් විසින් බාර ගනු ලබන විද්‍යුත් කුවිතාන්සියක් ලබා දෙනු ඇත. කරුණාකර ඔබේ රක්ෂණ සමාගම සම්බන්ධ කරගෙන මෙය තහවුරු කරගන්න.
ඔබට ඇප් එක එක හරහා oDoc වෛද්‍ය හමු අවලංගු කළ හැකිය. නමුත් ඔබෙන් අවලංගු කිරීමේ ගාස්තුවක් අය වනු ඇත.
oDoc විසින් ඔබට ඊළඟට සිටින වෛද්‍යවරයා සමග වෛද්‍ය හමුවක් ලබාදෙනු ඇත. නැතිනම් ඔබට අවශ්‍ය නම් ඔබ ගෙවූ මුදල සම්පුර්ණයෙන්ම ආපසු ලබාගත හැකිය.
කරුණාකර අපට අසම්පූර්ණ වෛද්‍ය හමුවෙන් පැය 24 ක් ගතවීමට පෙර ඔබේ නම, දුරකථන අංකය හා මුදල් ආපසු ලබාගැනීමට අවශ්‍ය හේතුව සඳහන් කරමින්, [email protected] හරහා විද්‍යුත් පණිවිඩයක් ලබාදෙන්න.
ඔබ යළිත් සම්බන්ධ වන තුරු වෛද්‍යවරයා විසින් මිනිත්තු 2 ක් බලා සිටිනු ඇත. තවද ඔහු ඔබට නැවත ඇමතීමට ද උත්සාහ කරනු ඇත. ඔබව නැවත සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් හා පණිවිඩ ඔස්සේ ඔබට ළඟාවිය නොහැකි වුවහොත් වෛද්‍යවරයා විසින් වෛද්‍ය හමුව අවසන් කරනු ඇත.
ඔබේ ඇමතුම හෝ වීඩියෝ ඇමතුම නැවත සම්බන්ධ වන්නේ නැතිනම්, වෛද්‍ය හමුව වෙනත් වෙලාවක සිදුකිරීම ගැන විමසමින් වෛද්‍යවරයා හට පණිවිඩයක් යැවිය හැකිය. එසේ වෙනත් වෙලාවකට යොදාගැනීම වෛද්‍යවරයාගේ අභිමතය පරිදි සිදුවේ.
වෛද්‍යවරයා හට වෙනත් වෙලාවක වෛද්‍ය හමුව සිදුකිරීමට නොහැකි නම්, එවිට ඔබෙන් අසාධාරණ ලෙස මුදල් අයවී ඇතැයි කියා ඔබට සිතේ නම්, කරුණාකර පැය 24 ක් ගතවීමට පෙර අප වෙත ඔබේ නම, දුරකථන අංකය හා මුදල් ආපසු ලබාගැනීමට අවශ්‍ය හේතුව සඳහන් කරමින්, [email protected] හරහා විද්‍යුත් පණිවිඩයක් ලබාදෙන්න.
පාරිභෝගික අදහස්
මට විනාඩි 5 ක් ඇතුලත වෛද්‍යවරයකු වෙන්කරවා ගෙන, ඔහු සමග කතා කරන්නත් පුලුවන් උනා. ඇප් එක උනත් භාවිතයට හරිම පහසුයි. නියමිත වෙලාවටම මට කතා කරපු වෛද්‍යවරයා මට බෙහෙත් වට්ටෝරුවක් පවා දුන්නා. මං oDoc හරහාම පැය දෙකක් ඇතුලත ඖෂධ ගෙදරටම ගෙන්වා ගත්තා.
තිලංග ජයලත් - oDoc සමූහයේ සාමාජික
"දවසක් මගේ දුවට බඩේ අමාරුවක් හැදුණා. ඉතින් මං ඒ ගැන මූලික වෛද්‍ය උපදෙසක් ගන්න oDoc
හරහා GP කෙනෙකු සම්බන්ධ කරගත්තා. ඒ වෛද්‍යවරයා හරිම හොඳයි, හරිම මිත්රශීලියි. ඔහු මගෙ
දුවට ඉතා කරුණාවෙන් සහ හොඳින් දුවගේ අසනීප තත්වය ගැන විස්තර කරලා දුන්නා. මම, මට
ලැබුණු සේවාව ගැන අතිශයින්ම තෘප්තිමත්!"
අංජන ඒකනායක - oDoc සමූහයේ සාමාජික
තයිරොයිඩ් ග්‍රන්ථියේ තිබුණු වේදනාවක් නිසා මං හරිම කණස්සල්ලෙන් හිටියේ. ඉතින් මං oDoc හරහා on demand GP ව සම්බන්ධ කරගත්තා. ඔහු මට පරීක්ෂණ කිහිපයක් නිර්දේශ කරා. මං ඒ ටික කරලා වාර්තා යළි ඔහුටම යැව්වා. ඉන්පසු ඔහු මට ඒ සඳහා ඖෂධ නිර්දේශ කරා. මං ඒ ඖෂධ ඇප් එක හරහාම නිවසටම ගෙන්වා ගත්තා. මගේ රෝගයට අවශ්‍ය මූලික උපදෙස් ලබාගන්න පුලුවන් උනේ oDoc නිසයි, ස්තුතියි oDoc!
නිමාශා උමයංගි
මම මුලින්ම වීඩියෝ තාක්ෂණය හරහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම දිහා බැලුවේ හරිම දෙගිඩියාවකින්. නමුත් මම oDoc හරහා සම්බන්ධ වුණු ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයා, මගේ දරුවන්ට වැළඳී තිබුණු උණ රෝගයෙන් ඔවුන්ව සනීප කරගන්න විශාල වශයෙන් උදව් වුණා.
සුහාරා කරීම් - oDoc සමූහයේ සාමාජික
මම oDoc හරහා අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු චැනල් කර ඔහුට මගේ ඇසේ ඇති වී තිබූ අසනීප තත්වය පිළිබඳව පැවසුවා. ඔහු මට ඒ සඳහා ගතයුතු බෙහෙත් මෙන්ම, මගේ ඇස බැන්ඩේජ් කරන විදියත් කිව්වා. මගේ ඇස ඉක්මණින්ම සනීප උනා. oDoc හරහා ලැබුණු සේවාව ගැන මං ඉතා තෘප්තිමත්
අශාන්ති ද අල්මේදා - oDoc සමූහයේ සාමාජික
මම ඔන්ලයින් හරහා වෛද්‍යවරයකු හමුවීම ගැන කුකුසකින් හිටපු කෙනෙක්. කොහොමද එහෙම වෛද්‍යවරයකු මාව මුහුණට මුහුණ මුණ නොගැසී මගේ රෝගය නිර්ණය කරන්නේ. හැබැයි oDoc හරහා සිදුකළ පළමු වෛද්‍ය හමුවෙන්ම මගේ සැක සංකා ඔක්කොම නැති උනා. ඒ වෛද්‍යවරුන් හරිම මිත්‍රශීලීයි. ඔවුන් හොඳින් වෙලාව අරං මගේ රෝගය නිවැරැදිව නිර්ණය කරා.
වින්යා රාජෙන්ද්‍ර - oDoc සමූහයේ සාමාජික